භික්ෂුව ධර්ම සාකච්ඡුාවකට සහභාගිවන අවස්ථාවක එක් පිංවත් තරුණයෙක්. චතුරාර්ය සත්‍යය ධර්මයන් ගැන ප‍්‍රශ්නයක් විමසුවා. බුදුරජාණන් වහන්සේගේ චතුරාර්්‍යය සත්‍ය ධර්මය පැහැදිලි කොට ඇති ආකාරයට බොහෝම කරුණාවෙන් භික්ෂුව, එම මහත්මයාට එම ධර්ම කාරණය පැහැදිලි කොට දුන්න. භික්ෂුව එම ධර්ම කාරණය නිරවුල්ව පැහැදිලි කොට දුන්නත්, එම තරුණ මහතා පිළිතුර නොතේරන බව කියමින් නැවත නැවත එම ප‍්‍රශ්නයම විමසා සිටියා. ඒ වේලාවේ භික්ෂුව තේරුම් ගත්තා, මේ මහත්මයාට අවශ්‍ය චතුරාර්්‍යය සත්‍ය දැනගැනීමට නොව, එකම කරුණ භික්ෂුවගෙන් නැවත නැවත විමසලා භික්ෂුව ගැටෙන ස්වභාවයෙන් කේන්තිගන්න ස්වභාවයෙන් සිටිනවාද යන්න දැනගැනීමය කියලා. එම මහත්මයාගේ අරමුණ ඉටුවුණේ නැහැ. නමුත් මෝහය නිසාම අනාගතයේ විපාකය පිණිස, ගොඩාක් අකුසල් ඔහු රැස්කොට ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උතුම් සද්ධර්මයට, උවමනාවෙන්ම වංක සිතින් අගෞරව කරන්නා දැඩි රැුහැනින් බැඳ, වදක බෙර හඩවා නුවරට ගෙන ගොස් හිස ගසා මරා දැමිම, යම් සේ දුකක්ද මතුභවයේදී ඊටත් වඩා අතිශය දුකක් විඳිනවා කියලා. එම නිසාම සද්ධර්මයත් සමඟ භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකාවන් සමඟ කටයුතු කිරිමේ දී අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. අනුන්ව පරීක්‍ෂා කිරිමට පෙරාතුව තමා තමාව පරීක්ෂා කරගත යුතුයි. තමා තුළ ඇති වූ සිතුවිල්ල තමාට දුක පිණිස හේතු වෙනවාද කියලා. එසේ නොවුනහොත් අපි දුක දෙසටමයි ගමන් කරන්නේ.

ලෝකයේ අර්ථය කියන්නේ දුක, දුක කියන්නේ තෘෂ්ණාවේ ඵලය, රූපය කෙරෙහි විඳීමේ බැසගැනීමේ ප‍්‍රමාණයටයි, දුක නිර්මාණය වෙන්නේ. ලෝකය සංකීර්ණ වෙන්න සංකීර්ණ වෙන්න, දුක වැඞ්වෙනවාය කියන්නේ, ලෝකය සංකීර්ණ කරන්නේ මනුෂ්‍යයාගේ තෘෂ්ණාව නිසා. ලෝකය සංකීර්ණ වෙනවා නම්, මනුෂ්‍යයාගේ දුකත් වැඩිවෙනවා නම්, එහි අර්ථය මනුෂ්‍යයා දුකෙන් මිදෙන සැපය අත්කරදෙන ආර්්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර යනවාය කියන කාරණයයි. මේ අර්ථය තුළ ඉඳලයි , පිංවත් ඔබ වර්තමානය විග‍්‍රහයට ලක්කොට ගන්න ඕනේ.

පිංවත් මහත්මයෙක් ධර්ම සාකච්ඡුාවකදී ප‍්‍රශ්නයක් ඇසුවා ස්වාමීන් වහන්ස, වර්තමාන සමාජයේ ධර්මයේ මහා පිඹීදීමක් තිබෙනවා. එම පිඹීදීම නැවත ආපස්සට නොයන පිඹීදීමත් කියලා. පිංවත් ඔබ මේ මාර සිතුවිල්ලට රැුවටෙන්න එපා. මේ මොහොතේ ලෝකයේ සද්ධර්මයේ මහා පිඹීදීමක් තිබෙනවා නම්, එය නිවීයාමට ආසන්න පහනක, නැගෙන ප‍්‍රභාෂ්වර ආලෝකය හා සමානයි. පහන ඉතාමත් ඉක්මනින් නිව්යනවාය කියන සංඥාවයි. ඔබට මේ පෙනෙන්නේ නිවී යාමට ආසන්න සද්ධර්මය නැමැති පහනේ, මේ නැගෙන ප‍්‍රභාශ්වර ආලෝකය, පිංවත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ‘අප‍්‍රමාදිබව’ කියන වචනයේ අර්ථයයි මතුකොට දක්වන්නේ.

එක්තරා උගත් මහත්මයෙක් ප‍්‍රකාශයක් කරලා තිබුණා, තව වසර සියයක් ගියහම ලෝකයේ ඉතිරි වෙන්නේ බුදුදහම පමණයි කියලා. ඉහත කාරණය දායක මහත්මයෙක්ගෙන් තමයි දැනගන්නට ලැබුනේ. ඉහත අදහස ප‍්‍රකාශ කරන මහත්මයා සම්මාදිට්ඨියට පත්වෙච්ච මහත්මයකේ නොවේ. එතුමා දන්නේ නැහැ සද්ධාව කියන වචනයේ සැබෑ අර්ථය. සම්මා සම්බුද්ධ ශාසනයක සන්දිට්ඨිකභාවය ආරක්ෂා කරදෙන ප‍්‍රාතිමෝක්ෂ ශීලය ගැන එම මහත්මයා දන්නේ නැහැ. මෙවැනි උගත් වැදගත් මහත්වරු ලබාදෙන මාර සහතික වලට පිංවත් ඔබ විශ්වාසය ඇති කොට ගන්න එපා. මෙවැනි මහත්වරුන් ශාසනය හැටියට දකින්නේ පන්සල, ආරණ්‍යය, පිංකම්, වෙසක් තොරණ්, ලෝක බෞද්ධ සම්මේලන, මහායාන ක‍්‍රමවේදයන්, මේවා තව තව මනුෂ්‍යයාගේ ආශ්වාදයන් වැඩෙන දිශාවට විකාශනය වෙමින් කසාය කණ්ඨකලාගේ කාලය දක්වාම, ඉදිරියට යනවා. ඒ දියුණුව ගැන කිසිම තර්කයක් නැහැ. මේ ධර්මයේ අරටුව නොවේ. ධර්මයේ අතු රිකිලියි. සද්ධර්මයේ අරටුව කියන්නේ ආර්්‍ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්්‍ය සත්‍ය, සතර සතිපට්ඨානය, පටිච්චසමුප්පාදය, පංචඋපාදානාස්කන්ධය, සප්ත බෝජ්ජංග මේවායි ධර්මයේ අරටුව වෙන්නේ. මේ ධර්මයේ අරටුව විනාශ කොට ගෙනයි, සමාජය ඉදිරියට ගමන් කරන්නේ. ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරඏාකොට දෙන සද්ධර්මයේ අරටුව ගිලිහුණ ධර්මයේ අතු රිකිළි වර්ණනා කරන ලෝකයක් ඉදිරියටයි ඔබ ගමන් කරන්නේ. මෙතැනදි ඔබ සප්තබෝජ්ජංග ධර්මයන් තුලින් නොවේ, සද්ධර්මයේ සැපය ලබන්නේ, පංචනීවරණයන් තුලින්මයි ආශ්වාදය බලාපොරොත්තු වන්නේ.

භික්ෂුව පිණ්ඩපාතයේ වඞ්න කොට රබර් කිරි කැපීම ජිවිකාව කොට ගත් කුඩා නිවසක් ඉදිරිපිට වැඩසිටියා. නිවසේ සිටිය පිංවත් කාන්තාව පිණ්ඩපාතය පූජා කරලා භික්ෂුව පිංඅනුමෝදන් කොට ඉවතට වඩින කොට භික්ෂුවට ඇසෙනවා එම පිංවත් කාන්තාව තමා අසල සිටි මහත්මයාට කියනවා ඒ හාමුදුරුවෝ බොහොම හොඳයි නේද කියලා. ඒ වචන පෙළ ඇසෙන කොටම භික්ෂුවට එක පාරටම මතක් වුණේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේවයි. එම පිංවත් කාන්තාවගේ මුවින් නික්මුණ ඒ ගෞරව පූර්වක වචන පෙළ, ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේටයි භික්ෂුව පූජා කළේ. මේ භික්ෂු ජිවිතයේදී යම් සත්වයෙක්ගෙන් භික්ෂුවට එක වචනයකින් හෝ, එක ඉරියව්වකින් හෝ, ගෞරවයක්, ප‍්‍රශංසාවක්, භික්ෂූවට ලැබුනොත්, එම ගෞරවය බුදුරජාණන් වහන්සේටමයි අයිති වෙන්නේ. බුදුරජාණන් වහන්සේමයි එම ගෞරවය ලබන තැනට අපට පාර පෙන්නුවේ. එම ගෞරවයෙන් එක දශමයක්වත් භික්ෂුවට අවශ්‍ය නැහැ. එහි සැබෑම හිමිකරු බුදුරජාණන් වහන්සේමයි. දායක පිංවතුන් අපිට අර්ථවත්ව ‘හොඳයි’ කියන තැනට එන්න බුදුරජාණන් වහන්සේ අපිට මොන තරම් විනය කාරණා පනවලා, අනුශාසනා කරලා තිබෙනවාද.

බුදුරජාණන් වහන්සේගේ ධම්ම දායාද සුත‍්‍රයේදී දේශනා කරනවා. ශ‍්‍රාවක ස්වාමීන් වහන්සේලාට ඔබලා සද්ධර්මයට දායක වෙන්න. ඔබලා ශීලයට, සමාධියට, ප‍්‍රඥාවට දායක වෙන්න. මේ ධර්මයේ සැබෑ හිමිකරුවෙක් වෙන්න. ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රසංසා වලට යටත් වෙන්න, ගිජුවෙන්න එපා, මා තුල ඔබලා කෙරෙහි මහානුකම්පාවක් තිබෙනවා. ඒ නිසාමයි ඔබලාට මෙතරම් අවවාද කරන්නේ. ඔබලා ධර්මයට දායාද නොවුනහොත්, මිනිසුන් ඔබලාට චෝදනා කරාවි, නිගරු කරාවි, සද්ධර්මයේ උරුමය ඔබලාට නැහැය කියලා. එහෙම වුනොත්, මිනිසුන් ශාස්තෘන්වහන්සේ වන මටත්, චෝදනා කරාවි, අගෞරව කරාවි, පිංවත් ඔබලා ශාස්තෘන්වහන්සේට අගෞරව වන ආකාරයට හැසිරෙන්න එපා. ශාස්තෘන්වහන්සේ සදහම් සුවයෙන් වැඩසිටියදී ශ‍්‍රාවකයින් එසේ කරන්නේ නැහැය කියලා. මිනිසුන් චෝදනා කරාවි. සද්ධර්මයේ වටිනාකම, චිත්ත සමාධියේ වටිනාකම, නැතිකොට දමනවා කියලා චෝදනා කරාවි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් භික්ෂුවක් සිව්පසය ගොඩගසාගන්නේ නැතිනම් ධර්මයේ වටිනාකම හෑල්ලූකරන්නේ නැතිනම්, චිත්ත දියුණුව අඩාලකරගන්නේ නැතිනම්, එවිට එම භික්ෂුව දෙවි මිනිසුන් අතර ප‍්‍රශංසාවට ලක්වෙනවා කියලා. එවිටයි ශ‍්‍රාවකයා ශාස්තෘන්වහන්සේට නිගරු නොකලා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉහත අවවාදය තුළ සියුම් අර්ථයක් සැඟවිලා තිබෙනවා. එම සැඟවුන අර්ථය ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මතුකොට ගතයුුතුයි. ස්වාමීන් වහන්සේලා ප‍්‍රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වල වුනොත් ගිහි පිංවතුන් ස්වාමීන් වහන්සේලාට අවවාද කිරිමට පෙළඹීමේ තැනට පත්වීමේ අනතුරක් එහි අර්ථය තුළ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එම අනතුර දැකලයි ශ‍්‍රාවකයින්ට සද්ධර්මය දායාද කොට ජීවත්වෙන්න කියලා ධර්මදායාද සුත‍්‍රයේදි දේශනා කරන්නේ.

මනුෂ්‍යයාට ගොඩාක් ඵල ප‍්‍රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍යද, පිනද මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය සාධකයකි.

පරණිම්මිත වසවර්තිය කියන දිව්‍යථලය, වසවර්ති මාර පුත‍්‍රයාට අයත් දිව්‍යතලයයි. මෙම දිව්‍යතලයේ දිව්‍යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්‍යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේසා අසිරිමත් අති දීර්ඝකාලීන සැපයක් බුක්ති විඳින පරණිම්මිත වසවර්තියේ බහුතරයක් දෙවිවරු සද්ධර්මයට ප‍්‍රියනැහැ. ඔවුන්ගේ ශබ්ද කෝෂයේ තිබෙන එකම වචනය, කාමයේ ආශ්වාදයයි. පෙර පින නිසාම ආදීනවය ඉක්මනින් ප‍්‍රකට වෙන්නේ නැහැ. අතීත පින්වල ශක්තිය විසින්ම ආශ්වාදයත්, ආදීනවයත් අතර තිබෙන පරතරය වැඩිකොට තිබෙනවා. පිනේ ශක්තිමත්භාවය විසින් ඇතිකරන්නා වූ ආශ්වාදය, හේතුවෙන් සකස් වෙන ආදීනවය ප‍්‍රමාද කිරිම හේතුවෙන් එම දිව්‍යතලයේ දෙවියන් තව තවත් ප‍්‍රමාදභාවයටමයි පත්වෙන්නේ. ආදීනවය ප‍්‍රමාදවීම හේතුවෙන් තමන් කරනා ක‍්‍රියාවේ හරි වැරැද්ද දකින්න, එම දෙවියන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

වසවර්ති මාර දිව්‍ය පුත‍්‍රයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මොනතරම් බාධාවන් සිදු කලාද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකොට ගත් මොහොතේ මාරයා දැඩිව ප‍්‍රකාශ කරනවා. දැන් ඔබ වහන්සේ අවශ්‍ය කාරණය ඉටුකර ගත්තා. දැන් ඉතින් පිරිනිවන් පාන්නටය කියලා. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ පවිටු මාරයාට ප‍්‍රකාශ කරනවා මාරය ඔබ කී ආකාරයට මම පිරිනිවන්පාන්න සුදානම් නැහැ. මාගේ ශ‍්‍රාවකයින්, ධර්මධර, විනයධර ව්‍යක්ත වෙනතුරු අනුශාසනා කරන තුරු ධර්මය පතුරුවන තුරු, ධර්මයේ අර්ථයන් මතුකොට පෙන්වන තුරු මම පිරිනිවන් පාන්නේ නැහැය කියලා. බුදුරජාණන් වහන්සේගේ සිංහ නාදය සමඟ මාරයා පසුබැස යනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ආයුසංස්කාරය අතහරින මොහොතේදී ද, ඉහත කාරණා නැවත මතක්කොට දී පිරිනිවන් පාන්නට යැයි කියලා බලකෙරුවා. ඔබ වහන්සේ ජය ශ‍්‍රී මහා බෝධි මූලයේදී දේශනා කල කරුණු කාරණා දැන් සියල්ල පරිපූර්ණයි, ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්නටය කියලා. පවිටු මාරයා ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ තව නොබෝ දිනකින් මා පිරිනිවන් පාන බව බුදුරජාණන් වහන්සේ ප‍්‍රකාශ කළා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මේසා බලවත් තර්ජන බලපෑම් කරමින් මාරයා සහ මාර පිරිවර අකුසල් සිදුකර ගනිත්දීත් මාරයා තුල කාමයේ ආශ්වාදයමයි මතුවී එන්නේ. අතීත පිනේ ශක්තිය නිසා ආදීනවය මතුකොට පෙන්වන්නේ නැහැ. පින ගින්දරක්ය කියන කාරණය මුලින්ම සඳහන් කලේ ඒ නිසාමයි. නමුත් අනාගතයේදී යම් දවසක වසවර්ති මාර දිව්‍ය පුත‍්‍රයා පින පිරිහිමට පත්වී සතර අපායට වැටුනොත්, ඔහු ආශ්වාදයෙන් මත්වී කරගත් සියළුම ප‍්‍රබල අකුසල් නිසා කල්ප ගණන් නිරයෙහි දුකට වැටීමට ඔහුට අනිවාර්යෙන්ම සිදුවෙනවා.

සද්ධර්මයේ සැබෑම අර්ථයන්ගෙන් මනුෂ්‍යයා ඈතට යන කොට ආමිසයට බර වූ පිංකම් තමයි මුල් තැනට එන්නේ. එවිට සමාජය තුලින් ධර්මයේ අර්ථයන් ගිලිහි යනවා. පිංකම් තුලින් ආශ්වාදයයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ආශ්වාදය කියන ඵලය සෑම මොහොතකම අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂවෙන්න. ආමිස පූජාවන්ගෙන් අපි ලබන ඵලය සෑම විටම නිත්‍ය සංඥාවන්ටයි අපිව යොමු කරන්නේ. පිංකම් සිදුකරනකොට සමාජයෙන් කීර්ති, ප‍්‍රශංසා, ගරු බුහුමන් ලැබෙනවා. ලකුණු ලබන ලකුණු එකතු කරන ගමනකුයි අපි යන්නේ. ලකුණු වැඩිවෙන කොට මමත්වයේ දැඞ්භාවයයි වර්ධනය වෙන්නේ.

භික්ෂුව දන්න වැඩිහිටි මහත්මයෙක් සිටියා. මොහු ඉතාමත් කැමැත්තෙන් උවමනාවෙන් පිංකම් විශාල ප‍්‍රමාණයක් සිදුකරගත්තා. මේ පිංකම් වල ඵලය නිසාම මොහුගේ ජිවිතයට කීර්ති, ප‍්‍රශංසා වේගයෙන් ගලාගෙන පැමිණියා. සමහර විට පිංවත් එම මහත්මයාට ඒවා දරාගන්න බැරිව ගියා. මේ අනිත්‍ය භාවයට පත් වෙන ලෞකික ආශ්වාදයන් මේ මහත්මයාම මොනතරම් මුලාවට පත් කලාද කියනවා නම්, ඔහුට හොඳ නරත පහදා දුන් කල්‍යාණමිත‍්‍රයාගේ අවවාදයන් අභිබවායන්න, එම පිංවත් මහත්මයා යොමුවුණා. බලන්න පින කියන කාරණය අර්ථවත්ව ජිවිතයට ගලපා නොගතහොත් එහි ඇති අනතුරුදායක භාවය විදර්ශනා නුවණ අපෙන් ඈත් කරන අධිමානය කියන කාරණය ආමිසය තුළ සැගවී තිබෙන්න පුළුවන්. පින බලවත් වෙනකොට ඔබ ලබන ආශ්වාදයේ ශක්තිමත් භාවය නිසාම ආදීනවය ප‍්‍රකට වෙන්න ප‍්‍රමාද වෙනවා. එම නිසාම පින නිසා ලැබෙන ආයුෂ, වර්ණ. සැප, බලය, ගින්දරක් වශයෙන් දකින්න. එවිට පින කියන කාරණය ප‍්‍රඥාව උදෙසා සැබෑම ආයෝජනයක් කරගැනීමට ඔබට පුළුවන්. කාලය වේගයෙන් ගෙවී යනවා. ඒ වේගයෙන්ම ලෝකය දුශ්ශීල භාවයට පත් වෙනවා. ආමිසය කෙරෙහි මනුෂ්‍යයා බැඳෙන කොට සැපය, බලය, වර්ණය මනුෂ්‍යයා තුල වැඩෙනවා. ඒ හේතුවෙන් සැපය,බලය,වර්ණය තව තව වැඩි කර ගැනීමේ තෘෂ්ණාව ඇති වෙනවා. මුල් අදියරේදී පිංකම් තුලින් ලබාගත් වර්ණය, සැපය, බලය දෙවැනි අදියරේදී ලෝහ,ද්වේශ,මෝහ, අකුසල් මූලයන් තුලින් ලබාගැනීමටයි උත්සහ ගන්නේ. මෙම බියකරු අනතුර නුවණින් දකිමින් ඔබ කරගත් පිංකම් වල ආශ්වාදයේ අනිත්‍යභාවය සිහිපත් කරමින් රාත‍්‍රී නින්දට යන්න. එවිට එම රාත‍්‍රිය යහපත් රාත‍්‍රියක් වේවි.