වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර උයන කෑමට හදාගත් මොකක්‌හරි පොඩි දෙයක්‌ හෝ පූජා කරනවා. ගමේ කාටවත් නැති ලක්‍ෂණයක්‌ භික්‍ෂුව ඇගෙන් දුටුවා. ඒ කියන්නේ ගමේ සියල්ලන්ට වඩා ඇය වෙනස්‌ කෙනෙක්‌. නමුත් වස්‌කාලයේ අවසන් මාසයේදී ඇය ඒ පුරුද්ද අතහැර දැමුවා. මොකද ගමේ අනෙක්‌ පිංවතුන් කිසිවෙක්‌ එහෙම නොකරන නිසා. ඒ කියන්නේ ඇයත් අනෙක්‌ සියල්ලන් වගේම වුණා. එම නිසා පිංවත් ඔබත් අනෙක්‌ හැමෝම වැඩකරන කාලසටහනට, ඒ අයගේ චර්යාවටම වැටෙන්න එපා. දාන, ශීල, භාවනා මාර්ගයේ ගුණාත්මකභාවයෙන් පෙරට යන්න දක්‍ෂ වෙන්න.

පිංවත් ඔබ හැමවිටම ගෙදර සිටින අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. පංති කාමරයේ, කාර්යාලයේ, ගමේ, රටේ…. සිටින අන්‍යයන්ට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. දන් දීමේදී, ශිල් ආරක්‍ෂා කිරීමේදී, භාවනා කිරීමේදී අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. මේ කියන්නේ කැපී පෙනෙන කෙනෙක්‌ වෙන්න කියන කාරණාව නෙමෙයි. ‘වෙනස්‌ කියලා මෙතැනදී කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් ගුණාත්මක කෙනෙක්‌ වෙන්න කියලයි. මොකද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තම නිය මතට පස්‌ ස්‌වල්පයක්‌ අරගෙන දේශනා කරනවා, පොළොවේ තිබෙන පස්‌ ප්‍රමාණයට සාපේක්‍ෂව නියසිලේ තිබෙන පස්‌ ප්‍රමාණය කොපමණක්‌ ද, මේ වෙසෙන සත්වයන්ට සාපේක්‍ෂව මරණින් මතු සුගතිගාමීවන සත්ත්වයන් ද ප්‍රමාණයෙන් ඒ වගෙයි කියලා.

පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේගේ නියසිලෙහි ඇති පස්‌ ටිකෙන් එක වැලි කැටයක්‌ වෙන්න අවශ්‍ය නම්, ඔබට අනිවාර්යයෙන්ම අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න වෙනවා. පිංවත් ඔබත් අනෙක්‌ සියල්ලන්ම වගේ වුණොත් ඔබටත් සුගතිය අහිමිවේවි. මේ ලැබූ උතුම් අවස්‌ථාව ගිලිහී යාවී.

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර උයන කෑමට හදාගත් මොකක්‌හරි පොඩි දෙයක්‌ හෝ පූජා කරනවා. ගමේ කාටවත් නැති ලක්‍ෂණයක්‌ භික්‍ෂුව ඇගෙන් දුටුවා. ඒ කියන්නේ ගමේ සියල්ලන්ට වඩා ඇය වෙනස්‌ කෙනෙක්‌. නමුත් වස්‌කාලයේ අවසන් මාසයේදී ඇය ඒ පුරුද්ද අතහැර දැමුවා. මොකද ගමේ අනෙක්‌ පිංවතුන් කිසිවෙක්‌ එහෙම නොකරන නිසා. ඒ කියන්නේ ඇයත් අනෙක්‌ සියල්ලන් වගේම වුණා. එම නිසා පිංවත් ඔබත් අනෙක්‌ හැමෝම වැඩකරන කාලසටහනට, ඒ අයගේ චර්යාවටම වැටෙන්න එපා. දාන, ශීල, භාවනා මාර්ගයේ ගුණාත්මකභාවයෙන් පෙරට යන්න දක්‍ෂ වෙන්න. මොකද, ඔබ තුළින්මයි ඔබේ සැනසීමත්, දුකත් දෙකම සකස්‌වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මඵල විශ්වාසයෙන් බෙදන එක බත් හැන්දක, සමාදන්ව ආරක්‍ෂා කරන එක සිල්පදයක්‌ තුළ දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ දකින්න ඔබ දක්‍ෂ වෙන්න. එක මොහොතක්‌ අනිත්‍ය සංඥාව වැඩීමේදී, එම අනිත්‍ය සංඥාව තුළින් රහතන් වහන්සේ නමක්‌ දකින්න දක්‍ෂ වෙන්න. එහෙමයි ඔබ වීර්යය සකස්‌කොටගත යුත්තේ, මේ මාර්ගයේ පෙරට යන්න. අනුන් ආදර්ශයට අරගෙන නොවේ, තමා තුළින්ම දුකේ අමිහිරි බව දැකලයි එසේ කළ යුත්තේ. අනුන් කරන දේවල් කරන්න ගිහිල්ල තමයි අපි සංසාරයේ තවමත් දුක තුළම සිටින්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කියපු දෙයම කරන්න. උන්වහන්සේ දකින්න කියපු ආකාරයටම දකින්න.