ඊයේත් අදත් හෙටත් විඤ්ඤාණයේ හිස්‌ බව දකින්න

විඤ්ඤාණය

අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්‌විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්‌ත්‍රීරත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක්‌ නිසා, සෘද්ධියෙන් යන අජානේය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද.

සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට ගන්න ඇතිද.

පිංවත් ඔබ සතර අපායන්ට වැටුණු වෙලාවේ මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට ගන්නට ඇතිද? පිච්චෙනවා, දවනවා, ගිනිගන්නවා, බඩගිනියි, පිපාසයෙන් දිව ගිලෙනවා…. මේ සෑම විශේෂ වූ දැනීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින්, අතීත විඤ්ඤාණයේ අනිත්‍යභාවය ජීවිතයට පුහුණුකොට ගන්න.

අතීතයේ පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව දිව්‍ය තල, බ්‍රහ්ම තලවල, මනුෂ්‍ය ලෝකයේත්, සතර අපායන්හි උපත ලද මොහොතේ සැපත් දුකත් නිසා, හඳුනා ගැනීම නිසා, කුසල් අකුසල් සංස්‌කාර නිසා, ඇතිවුණා වූ සෑම විඤ්ඤාණයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා.

දැන් ඔබට වැටහෙනවා අතීත, වර්තමාන විඤ්Æණය අනිත්‍යයි කියලා. පිංවත් ඔබ මේ සටහන කියවලා, ඔබ තුළ විශේෂ දැනීමක්‌ ඇතිවේවි, මේ සටහන ධර්මානුකූලව අර්ථවත් කියලා. තව පිංවතෙක්‌ තුළ විශේෂ දැනීමක්‌ ඇතිවෙන්න පුළුවන්, මේ සටහන හිස්‌ දෙයක්‌ය කියලා. මනුෂ්‍යයා තුළ සකස්‌ වෙන, සෑම විඤ්ඤාණයක්‌ම වෙනස්‌ වෙලා යනවා.

භික්‍ෂුව මුණගැසුණු එක්‌තරා වයෝවෘද්ධ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව හඳුනාගෙන, භික්‍ෂුවට ප්‍රශංසා කළා, ඔබ හරිම විනයගරුක භික්‍ෂුවක්‌ කියලා. ඊට දින කිහිපයකට පස්‌සේ උන්වහන්සේ භික්‍ෂුවට චෝදනා කරනවා ‘පත්තරකාරයෝ පත්තර විකුණා ගන්න මෝඩයන්ව උස්‌සලා තියනවා’ කියලා. මෙම ප්‍රකාශය කළ භික්‍ෂුව මේ වන විට අපවත් වෙලා. ඒ නිසයි භික්‍ෂුව ඉහත සටහන් කළේ.

විශේෂ වූ දැනීම් නිරතුරුව වෙනස්‌වෙලා යනවා. ඊයේ ප්‍රශංසා කරපු පිංවතා, හෙට දවසේ ඒ ප්‍රශංසා ලැබූ තැනැත්තාටම ‘මෝඩයා’ කියා කියනවා. සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණය, සංස්‌කාර අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම වෙනස්‌වී යනවා. අතීත විඤ්ඤාණයත්, වර්තමාන විඤ්ඤාණයත් අනිත්‍ය නම්, වෙනස්‌වෙලා යනවා නම්, විකෘති වෙලා යනවා නම් ඔබ බලාපොරොත්තු තබාගෙන සිටින අනාගත විඤ්ඤාණය නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? පිංවත් ඔබේ හදවතට තට්‌ටුකොට අසන්න.

කොච්චර නම් අනාගත විශේෂ වූ දැනීම් ඔබ තුළ තෙරපාගෙන තිබෙනවාද? ‘මම මෛත්‍රී බුදුරජාණන්වහන්සේ දැකලාමයි නිවන් අවබෝධකොටගන්නේ. මටමදිව්‍ය තලයකට බ්‍රහ්ම තලයකට ගිහිල්ලමයි නිවන් අවබෝධ කරගන්නේ.

මේ අනාගත විඤ්ඤාණයක්‌ම අනිත්‍ය වී යනවා.

අවුරුදු තිහක පමණ තරුණයෙක්‌ භික්‍ෂුවට ඇවිත් කියනවා ‘ස්‌වාමීන්වහන්ස මම ළඟදීම විවාහ වෙනවා. පිරිමි දරුවෙක්‌ හදනවා. ඒ දරුවව ශාසනයට පූජා කරනවා. අපි දෙන්නා අවුරුදු පනහේදී පැවිදි වෙනවාය කියලා. අනිත්‍ය වූ විඤ්ඤාණය මනුෂ්‍යයාට අනාගතය පෙන්වා, ලස්‌සනට මුළාකරනවා.

පිංවත් ඔබ හොඳින් නුවණින් දකින්න, ඔබ රට, ජාතිය, ආගම නිසා ඔබේ පවුල, ඥාතීන් නිසා, ව්‍යාපාර රැකියා දේපොල, ඔබේ අධ්‍යාපනය නිසා. ඔබේ දරුමුණුබුරන් නිසා, පිංකම්, කුසල් ධර්මයන් නිසා ඔබ අනාගතය ගැන මොනතරම් දැනීම් ඇතිකොටගෙන ජීවත්වෙනවාද?

පිංවත් දුටුගැමුණු රජතුමා අතීතයේ මේ රට එක්‌ සේසත් කරලා ‘මම මේ ධර්මද්වීපය එක්‌සේසත් කළාය, සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කළාය කියලා ඇතිකොට ගන්නා වූ විශේෂ දැනීම නිරතුරුව වෙනස්‌වී ගියා. අනාගත විඤ්Æණයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත්වෙන්න. අතීත විඤ්ඤාණය, වර්තමාන විඤ්Æණය අනිත්‍යවී ගියා නම්, අනාගත විඤ්ඤාණය අනිත්‍යයි.. අනිත්‍යයි… වශයෙන් නුවණින් දකිමින් ජීවත් වෙන්න.