දැවෙන සිත් නිවුනු සිතින් දමනය කළ උන්වහන්සේගේ පුරිසධම්ම සාරථි ගුණය…

බුද්ධානුස්සතිය

බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තථාගත බලධර්මයන්ගේ ආශ්චර්යමත්භාවය නුවණින් දකිමින් බුද්ධානුස්‌සතියෙන් ශක්‌තිමත් වෙන්න.

බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දියකිරීමේ මාර්ගය තරණය කළ නිසා, තෘෂ්ණාවෙන් තොර හැසිරීම් ඇති නිසා, අවබෝධ කළ ඥානයෙන් යුතුව ඊට අදාළ ධර්මානුධර්ම හැසිරීමෙන් යුතුව වැඩසිටිය නිසා විඡ්ජාචරණ සම්පන්න වෙනවා. උන්වහන්සේගේ සෑම ඉරියව්වක්‌ම සිහිනුවණින් පැවත්වූ ඉරියව්වක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආර්යශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්‌තිය සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ ඵලය සෑම වචනයක්‌ම සෑම ඉරියව්වකම අර්ථය වුණා. බුදුරජාණන් වහන්සේ දැකීමෙන්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් දේශනා කර වදාළ මාර්ගය තුළ ගමන් කිරීමෙන් සත්ත්වයා සසර දුක නිවා ගත්තේ අවබෝධ කර වදාළ ධර්මයට අදාළව වැඩසිටිය නිසාමයි. අවබෝධ කළ මාර්ගයට අදාළව මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ රූපකාය, සන්සුන් ඉරියව් කෙරෙහි බැඳයන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්‌ථානයට පත්වූ වක්‌කලී මහරහතන් වහන්සේ ද බුදුරජාණන් වහන්සේගේ විඡ්ජාචරණ සම්පන්න ගුණයේම ඵලයක්‌මය.

භවය නමැති සැඩ සයුර තරණය කරන යාත්‍රාව වන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ සෘජුවම ගමන් කර විෂම භව සයුර තරණය කළ හෙයින් බුදුරජාණන් වහන්සේ සුගත නම් වෙනවා. දෘෂ්ශ්‍රීන් හැටදෙකක්‌, මාර්ග හැටදෙකක්‌ කරා සත්වයා යොමුකර තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසන අතුරුදන්වීමෙන් , වල්වැදී තිබු ආර්යඅෂ්ඨාංගික මාර්ගය ලෝකයට මතුකර දෙන්නේද බුදුරජාණන් වහන්සේය. ජීවිතයට සැපදෙන, ජීවිතයට දුක දෙන අන්තයන්ගෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව මතුකර ගන්නේ ද ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළින්මය. ‘මහණෙනි, මේ සැඩ සයුර ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමති යාත්‍රාව උපයෝගී කරගෙන තරණය කළාට පසුව ඔබ එම යාත්‍රාව කරේ තබාගෙන නොයා යුතුය. එය ද ඔබ අතහැරදැමිය යුතුය’යි පිරිනිවී යැමේ මාර්ගය ලොවට මතුකොට පෙන්වූයේ උතුම් සුගතෝ බුදුගුණයයි.

සත්වයාගේ උපාදානය හේතුවෙන් සකස්‌වෙන භවය කාමභවය, රූපී, අරූපී භවාත්‍රය සහස්‌සී දසසහස්‌සී ලෝක ධාතූන් තතුසේ දත් හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ ගුණයෙන් යුක්‌තවෙනවා. යමෙකුට මහා බ්‍රහ්මයා වීමටත්, සක්‍රයා වීමටත් අවශ්‍ය ධර්මයන් මොනවාද යන්න බුදුරජාණන් වහන්සේ නිවැරැදිව දන්නවා. කල්ප විනාශයත්, නැවත ලෝකය හටගැනීමත්, මනුෂ්‍යයාගේ පහළවීමත් බුදුරජාණන් වහන්සේ තතුසේ දන්නවා. මුළු මහත් ලෝක ධාතුවම සම්මා සම්බුද්ධ ඥානයෙන් විනිවිද දැක අවබෝධ ඥානය ලබා මුළු මහත් ලෝක ධාතුවම ඔබගේ ජීවිතය නැමති නාමරූප ධර්මයට ගොනුකොට, සරල කොට දැක්‌වීමට ඇති අයෝමය හැකියාව බුදුරජාණන් වහන්සේ සතු උතුම් ලෝකවිදූ ගුණයක්‌ වෙනවා. අවිද්‍යාව නිසා ලෝකයේ හටගැනීමත්, තෘෂ්ණාව හේතුවෙන් ලෝකයේ විකාශනයත්, තෘෂ්ණාව නිරෝධයෙන් ලෝකයෙන් මිදීමටත්, මාර්ගය මතුකර දීම ලෝකවිදූ ඥානයේ ඵලයක්‌මයි. දෑස්‌ පියාගෙන සකස්‌වෙන සිතුවිලිවල අනිත්‍යභාවය දකින මොහොතේම පිංවත් ඔබ ලෝකය මොහොතකට තාවකාලිකව නිරුද්ධ කළා වෙනවා. මේ උතුම් දැක්‌ම ලෝකයට මතුකොට දෙන්නේ උතුම් ලෝකවිදූ ගුණයයි.

වක්‌කලී ස්‌වාමීන් වහන්සේ ගෙල කපාගෙන පිරිනිවීගිය මොහොතේ මාරයා බොහෝම කඩිමුඩියේ පැමිණ වක්‌කලී හිමියන්ගේ විඤ්ඤාණය හොයන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා මාරය වක්‌කලීගේ විඤ්ඤාණය ලෝකයෙන් නිවී ගියාය කියල. ලෝකය අවුල වන, ලෝකය නිවන මාර්ගය ලෝකයට මතුකර දීමත් උතුම් ලෝකවිදූ ගුණයක්‌ වෙනවා.

පුරුෂ ධම්ම සාරතී ගුණය තවත් උතුම් බුදුගුණයක්‌. ජයශ්‍රී මහ බෝ සමිඳුන් අභියස බෝaධිසත්වයන් වහන්සේ මුලින්ම වසවර්ති මාරයාත්, තන්හා, රතී, රඟා මාරදූතියන්වත් පරාජය කොටදමනවා. බෝධිසත්වයන් වහන්සේ පංචඋපාදානස්‌කන්ධය නැමති මාරයාව පරාජය කර දමනය කොටයි උතුම් සම්මාසම් බෝධිය සාක්‌ෂාත් කොටගන්නේ. දමනය කළා වූ පංචඋපාදානස්‌කන්ධයෙන් ගිනිගෙන ඇවිළෙන සත්වයාගේ පංචඋපාදානස්‌කන්ධයන් දමනය කිරීම උතුම් පුරුෂ ධම්ම සාරතී ගුණයක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේ සත්වයාගේ ලෝභ සිත අලෝභයෙන් දමනය කරනවා. සත්වයාගේ ද්වේශ සිත මෛත්‍රියෙන් දමනය කරනවා. සත්වයාගේ මෝහ සිත අමෝහයෙන් දමනය කරනවා. සත්වයාගේ මිථ්‍යා දෘෂ්ශ්‍රීක සිතුවිලි උතුම් සම්මා දිට්‌ඨියෙන් දමනය කරනවා. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ප්‍රජාවගේ, විචිකිච්චාව බුදුරජාණන් වහන්සේ තෙරුවන් කෙරෙහි අචල සද්ධාවෙන් දමනය කරනවා. අන්‍යශීලවෘත කෙරෙහි ඇති විශ්වාසය, ආර්යශීලය තුළින් දමනය කරනවා. සක්‌කාය දිට්‌ටිය, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍ය දැකීම තුළින් දමනය කරනවා. මෙය බුදුරජාණන් සතු උතුම් පුරුෂධම්ම සාරථි ගුණයක්‌ වෙනවා. සත්ව ප්‍රජාව මිථ්‍යදෘෂ්ඨිකභාවයට, දුශ්ශීලභාවයට පත්කරන පංචනීවරණ ධර්මයන් සප්තබොඡ්ජංග ධර්මය තුළින් දමනය කිරීමට මාර්ගය කියාදීම බුදුරජාණන් වහන්සේ සතු උතුම් බුදුගුණයක්‌ වෙනවා. අකීකරු මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන්, අමනුෂ්‍යයන්, තිරිසන් සතුන්ගේ තෘෂ්ණාවෙන් ගිනිගෙන ඇවිළෙන පංචඋපාදානස්‌කන්ධයන් බුදුරජාණන් වහන්සේ දමනය කරන්නේ තම නිවුණු පංච උපාදානස්‌කන්ධයේ සිහිල් මෙත් දහරාවෙන්මයි.