අතහැරීම 7 – මහ රහතුන් වැඩි මග ඔස්සේ

Oct 08, 2014 Comments Off on අතහැරීම 7 – මහ රහතුන් වැඩි මග ඔස්සේ by

‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ ලිපි මාලාව පින්වත් ඔබ වෙනුවෙන් පුදනු ලැබූ උන්වහන්සේ එදා ඒ සටහන තබනු ලැබුවේ අප‍්‍රකටවය. මහා ඝන වනාන්තරයේ ඈත කුටියක සිට, සිතින්, පරිසරයත් සහ මුලින්ම නිසල මොහොතක, ලොවම නිදනා රාත‍්‍රියක, විටෙක රූස්ස ගස් අතරින් පෙරී එන ළහිරු කිරණ හෝ තවත් විටෙක ලන්තෑරුමේ දුප්පත් එළියේ පිහිටෙන් තැබූ ඒ සටහන් දිවයින සිසාරා සදහම් සුවඳ වී හමා ගියේය. ඒ සුවඳ හමන්නේ කොයි ඉසව්වෙන් දැයි සැදැහැති දනෝ විමසූහ. ඒ දහම් සුවඳින් හදවත සුවඳවත් කරගත් අයෙක් ඒ භාග්‍යවතුන්වහන්සේගේ ඒ දහම් සුවඳ පතුරුවාහල බුදුපුතුන් දැකීමට ප‍්‍රාර්ථනා කළහ. සත්‍යක‍්‍රියා කළහ. තවමත් ගලපා ගත නොහැකි දහම් ගැටළුවක් වේනම් එය ඒ පින්වත් ස්වාමින් වහන්සේගෙන්ම විමසා ගලපා ගැනීමට උනන්දු වූහ.

කාළයාගේ ඇවෑමෙන් ඒ ප‍්‍රාර්ථනා ඉටුවිය. සටහනකින් ඔබ දුටු උන්වහන්සේව සියැසින් දැක ගැනීමට ඔබට හැකි විය. නැතිනම් ඔබට ඒ සඳහා හේතු තිබුණි. එතෙක් ඇසින් කියවූ දහම් ගැලපුම දෙසවනින් ඇසීම උදෙසා දස දහස් ගනනින් රැස්වූහ. පිරිස කොතරම් උන්වහන්සේ වටා රැස්වුවද, උන්වහන්සේ උන්වහන්සේගේ ස්වභාවයෙන්ම සිටි සේක. රැස්වෙන කඳුගනන් පිරිකරද, දහස් ගනන් පිරිවරද ලෝකය වශයෙන්ම, මාරයා වශයෙන්ම දුටු සේක. ප‍්‍රසංශාවත්, සාධුකාරයත්, ගැරහුමත්, විවේචනයත් ධර්මයටම ගැලපූහ.

වනයේ රුක්‍ෂ මණ්ඩලයක රැඳුණු හුදෙකලාව තමන් වහන්සේගේ විවේකය පිණිසත්, ගම නගරයේ සැකසුණු ධර්ම මණ්ඩපයක ඉල්ලීම ධර්මකාමී ජනතාවගේ පහසුව පිණිස කැපකිරීමක් ලෙසත් වස්කාලයෙන් වස්කාලය, උන්වහන්සේ ඉකුත් වසර කිහිපය ගෙවා දැමූහ. නමුත් ‘ඉරිදා දිවයින’ පුවත්පතේ අඛණ්ඩව ‘මහ රහතුන් වැඩි මඟ’ ලිපි පළවිය. මේ එහි තවත් එකතුවකි.

අතහැරීම. 07

About the author

The author didnt add any Information to his profile yet