සම්මා දිට්ටියේ අර්ථයන් ගැන සිහිපත් කරමින් සිටින කොට භික්ෂුවට තම අම්මා තාත්තා සිහිපත් වුනා. දස මාසයක් කුසේ හොවා ගෙන හදලා ලේ ටික කිරි කරලා පොවලා ශිල්ප උගන්වලා සමාජ යුතුකම් වගකීම් කියලා දීලා දෙවියන් මනුෂ්‍යයින් වන්දනා කරන තැනට මාව ඔසවා තියලා ඒ දෙමාපියන් භව ගමනේ ඈතින් ඈතට යන්න ගියා. දුක තුරුල් කොට ගනිමින් භවයේ ඈතින් ඈතට යන්න ගියා, ලෝකයට තවත් දරුවන් බිහි කරන්න. ලෝකය මොන තරම් අසාධාරනයක්ද. මේ අසාධාරණ ලෝකයෙන් මිදෙන්නමයි ඕනේ, මිදෙන්නමයි ඕනේ. ඔබේ අම්මාට තාත්තාට මේ අසාධාරණ ලෝකය ගැන කියලා දෙන්න.

පින්වත් ඔබේ අම්මා තාත්තා කියන්නේ, අතීතයේ රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා මේ ලෝකයට බිහි කරපු අම්මලාමයි, තාත්තලාමයි. එවන් ගුණයක් හඬවන්න එපා. මේ සංසාර ගැඹුර ගැන ධර්මයෙන්ම කියලා දෙන්න.