පිණ්ඩපාතය සැහැල්ලුය, සරලය, දුප්පත්ය. එහෙත් ඒ පිණ්ඩපාතය තුල අප්‍රමාදී බවද සැඟවිලාය. කුසගින්න නොදැනෙන, පිපාසය නොදැනෙන, මනුෂ්‍ය ධර්මයන් ඉක්මවාගිය, උතුම් තැනයි භික්‍ෂුත්වය.

“මම උදේම පාත්‍රය අරගෙන කුටියෙන් එලියට බහින්නේ රොඩී පවුලක දරුවෙක් පොල්කට්ටක් අරගෙන සිඟමන් යදින්න රොඩී රැහෙන් එලියට බහිනවා වගේ” කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක් සිංහනාද කරනවා.

ඒ උතුම් පරපුරේ ආත්ම ගරුත්වය අපි රකින්න ඕනේ, දායක පින්වතුන්ලාගෙන් අපි කැමති දෙය ඉල්ලලා නොව, ලැබෙන දෙය වළඳලායි.