භික්ෂුව මේ වස්කාලය වැඩසිටින ගම්මානයේ පිංවතුන්ලා කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන්නේ. ස්වාමීන්වහන්සේනමකට පිණ්ඩපාතය බෙදීම පිංවත් ගැමියන්ට නුහුරු දෙයක්. එම පිංවතුන්ලා ගමේ පන්සලට දානය පුජා කරලා තමයි පුරුද්ද තිබෙන්නේ.ඒ නිසා එම පිංවතුන් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා. පසුගිය දවසක භික්ෂුව වැඩසිටින කුටියට පොලිසියේ මහත්වරු දෙදෙනෙක් පැමිණියා. පොලිසියේ මහත්වරුන් ප්‍රකාශකලා හාමුදුරුවන්ට විරුද්ධව පැමිණිල්ලක් තිබෙනවා කියලා. එහා ගමේ පිංවතෙක් පොලිසියට පැමිණිල්ලක් කරලා සැකසහිත හාමුදුරුනමක් තනිවම කන්දේ කුටියේ සිටිනවා, උන්වහන්සේ ගමේ අයට කුටියට එන්න අවසර දෙන්නේ නැහැය කියලා. පොලිසියේ මහත්මයා පැමිණිල්ල කියවනකොට භික්ෂුවට සිනාගියා. ඒ සිනහව තුලින්ම ඒ මහත්මයා දැනගත්තා භික්ෂුව සැක සහිත කෙනෙක් නොවන විත්තිය. හාමුදුරුවනේ කරදරකලාට සමාවෙන්න කියලා ඒ නිලධාරීන් පිටත්වගියා කෙටි විස්තරයක් සටහන් කොට ගෙන.

සැකය ඇතිවත් බැරි, නැතිවත් බැරි දෙයක්. නමුත් ශිල්වතුන් සැකකිරීම සංසාරයේ අන්ධභාවය, ගොළුභාවය, බිහිරිභාවය, ලැබීමට හේතු වන්න පුළුවන්. ඒ වගෙමයි ශිල්වතුන් සැකකිරීමෙන් යම් දවසක සංසාර භවයේදී දෙතිස්මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපුර්ණ වූ බුදුරජානන්වහන්සේ මුණගැසුනද උන්වහන්සේව සැක කරන තැනට අපිව පත් කරන්න පුළුවන්. ඒ නිසා සැකය ඉදිරියේ හොදින් පරික්ෂාකරිවෙන්න.

බුදුරජාණන්වහන්සේගේ උපස්ථායක වශයෙන් කටයුතුකල සුනක්ඛත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේව සැක කලා. කෝකාලිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන්වහන්සේව සැකකලා. මෙත්තිය භික්ෂුණිය ධබ්බමල්ලපුත්ත රහතන්වහන්සේව සැකකලා. මේ සැම කෙනෙක්ම සංසාරයේ ඈත පටන්ම ශිල්වතුන් සැකකරමින් පැමිණ තිබෙනවා. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජානන්වහන්සේව සැක නොකලානම් මොනතරම් භාග්‍යක්ද. එත් එක එහෙම වෙන්නේ නැහැ මොකද සියල්ල සිද්ධවෙන්නේ අතීතයේ පුහුණු කරපු ධර්මතාවයන්ට අනුවයි. ශිල්වතුන් සැක කිරීම නිසාම මේ සියළුදෙනාම නිරයටයි වැටුනේ. පිංවත් ඔබත් ශිල්වතුන් සැක කරන කෙනෙක් නම් ඒය සංසාර පුරුද්දක් වෙන්න පුළුවන්. වහ වහා නිවැරදි වෙන්න.

පිංවත් ඔබ වැල්ලේ පා සටහන් තැබුවොත් රළ පහරට පා සටහන් මැකියාවී. පිංවත් ඔබ කොතෙක් පිංකම් කලත් අකුසල් මුලයන් වඩනවා නම් පිනේ අර්ථයත් මැකිලා යාවි.