කරගැට බිඳී ගියොත්

සමහර ඉදල් තිබෙනවා ඒවායෙන් නිතර අතුගානකොට ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා අතේ කරගැට එනවා. ඒ කරගැට බිඳී ගියහම හරිම වේදනාවයි. අතේ කරගැට එනවා වගේම අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤාණයත් මුසු වෙලා ඵස්සය, තෘෂ්ණාවේ දහදියෙන් තෙත් උනොත් සිතෙත් කරගැට එනවා. සිතේ ඇතිවෙන කරගැට වලට ආශ්වාදයේ කරගැට කියලයි කියන්නේ. මේ ආශ්වාදයේ කරගැට බිදී ගියහමත් හරිම වේදනාවයි. සිර ගෙවල් වල දඬුවම් ලබමින්, රෝහල් වල අසනීප වලට දුක් විඳිමින්, ආයතන වල, ව්‍යාපාර වල, වැඩබිම්වල සේවය කරමින් මනුෂ්‍යයින් ආශ්වාදයේ කරගැට බිඳීයාමේ වේදනාව ආදීනවය නිරතුරුවම අත් විඳිනවා.

පින්වත් ඔබ තෘෂ්ණාවේ දහදියෙන් මිදුනොත් නැවත අතේ කරගැට ආවත් නැවත කවදාකවත් සිතේනම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.