කාලය හරිම සූදුවක්

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය තුලමයි අනාගතයට අවශ්‍ය සාධක සකස්වෙන්නේ. වර්තමානය ගොඩනගා දෙන අනාගතය වර්තමානය බවටම පත්වි නැවතත් අතීතයට ම එකතු වෙනවා.

කාලය හරිම සුදුවක්.

පිංවත් ඔබ වර්තමානය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ මේ නිමේෂයේ සකස්වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුනොත් පිංවත් ඔබ යම් දිනයක කාලයට පරදිනවා. කාලයට පරදින මනුෂ්‍යයෝ සකස්වෙන වර්තමාන චිත්තයෙන් නැවතත් අනාගතයට ඇද දමනවා. වර්තමානය නැමැති ඇස්බැන්ඳුම පිංවත් ඔබ අවබෝධ කොටගතහොත් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයම ඔබ පරාජය කලා වෙනවා.