ප්‍රභාශ්වර සිත

කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම ප්‍රභාශ්වරයි. දිව්‍යතල, බ්‍රහ්මතල, සතර අපාය විනිවිද දකින්න ඒ ප්‍රභාශ්වර සිතට පුළුවන්. කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම තියුණුයි. රූප, වේදනා, සංඥ, චේතනා, විඤාණ ධර්මයන් තියුණු සිතින් විනිවිද දකින්න පුළුවන්. මෙවන් ආශ්චර්යමත් සිතක් මේ නිමේශයේදීත් පින්වත් ඔබ තුල සකස්වෙද්දී එම සිතෙන් අවම වශයන් ඔබ දෙසවත් බලනව ද? වර්තමානයේ සකස්වන සිතෙන් පින්වත් ඔබ, ඔබ දෙස බලනවානම් ඒ දකින සිතත් ඔබ අනිත්‍ය වශයෙන් දකින්න. එතකොට ප්‍රශ්නාර්ථයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට ආශ්වාදයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට සිතේ සන්සිඳීමක් ඇතිවූනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න.

මොකක්ද අවසානය? පින්වත් ඔබ තුල වැඩෙන ප්‍රඥාව ඉදිරියේ ඔබේ සිත ඵස්සය අභියස දනගසාවී.